අද මං ඔයාලට අරන් ආවේ YouTube Channel කරන අයට ගොඩක් වැදගත් වන ලිපියක්. ගොඩක් අය YouTube Channel හැදුවට එවාගේ videos වලට views නෑ නේද? Monetization enable කර ගන්න ඕනෙනම් අවුරුද්දක් ඇතුලත subscribers 1000 ක් watch hours 4000ක් හොයාගන්නත් ඕනෙනෙ. ඒක කොච්චර අමාරුද කියල හැමෝම දන්නව. හැබැයි වැඩේ ගොඩ දා ගත්තොත් කල්ල මරේ. ඒකෙ රහත් Monetization enable කර ගත්ත අයත් දන්නව ඇතිනෙ.
ඔයාලගෙ videos වලට views අඩුවෙන්න ප්රධානම හේතුව මොකක්ද? ඒක තමා videos වල SEO මදිකම. Seo වැඩි වෙන්නනම් හොද keywords ඕනෙ.හොද Title එකක් ඕනෙ, ඒ වගේම Social Media වල share වෙන්න ඕනෙ. තව දෙයක් තමා video එකක් නිකම්ම දානවට වඩා පොඩි Description එකක් එක්ක දැම්මම video එකේ Seo වලට බලපානව. තව හොද thumbnail එකක් එකතු කලානම් video එක බලන්න එන පිරිස වැඩි වෙලා video එක rank වෙන ප්රතිශතය වැඩිවෙනව. මේව සරලව කිවුවට එච්චර ලේසි නෑ. අපි නිකම්ම keywords කියල වචන ටිකක් දැන්ම කියල video එක rank වෙන්නෙ නෑ. එහෙම කරගන්න ඕනෙනම් Top Ranking Keywords ටිකක් හොයා ගන්න ඕනෙ. ඔන්න ඔය වැඩේ ලේසි කරගන්න පුලුවන් සුපිරි Tool එකක් ගැන කියන්න තමයි මං අද ආවේ. මේ Tool තමයි TubeBuddy කියන්නෙ. සමහර අයනම් දැනටමත් මේක පාවිච්චි කරනව ඇති. නොදන්න අයට තමා මං අද කියල දෙන්නෙ. මේ Tool එක පොඩි Browser Extension එකක්. ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ Google Chrome, Firefox ,Opera වෙබ් බ්රවුසර් ටිකනෙ. ඔන්න ඔය වෙබ් බ්රවුසර් වලට මෙන්න මේ extension එක add කරගන්න විතරයි තියෙන්නේ. මුලින්ම ඔයාල Tubebuddy එකේ රෙජිස්ටර් වෙන්න ඕනෙ.ඒක ලොකු දෙයක් නෙමේ.මේ ලින්ක් එකෙන් ගිහින් Register බොත්තම ඔබල ඔයාගේ YouTube channel එක හදල තියෙන Gmail address එක දාල ලියාපදිංචි වෙන්න.ලොකුවට ෆොර්ම් පුරවන්න ඕනෙ නෑ. <<< Register Tubebuddy >>> ඊලගට කරන්න තියෙන්නේ Browser extension එක add කරගන්න එක විතරයි. හොයාගන්න අමාරුනම් පහල ලින්ක් වලින් අදාල extension එක add කරගන්න. Install Google Chrome Extension Install Firefox Extension Extension එක add කරගත්තට පස්සෙ ඔයාලට ඔයාලගේ YouTube Channel එකට ලොග් වෙලා video එකක් open කලාම මේ විදියට පෙන්නයි.
ඕකෙ මම රතු පාටින් කොටු කරල තියෙන්නෙ ඔයාගේ video එකේ Seo Score එක. ඔයාල හොද keywords එකතු කරනකොට ඔය seo score එක වැඩි වෙනවා.
ඒ වගේම මං කොළ පාටින් කොටු කරල තියෙන්නෙ ඔයාගේ video එකේ seo වැඩි කරගන්න මොනවද කරන්න ඕනෙ කියල එයාල කියන දේවල්.ඒ අදාල දේ කලාම ඒක ඉස්සරහින් හරියක් වැටෙනවා. ඒ වගේම Seo score එකත් වැඩි වෙනවා. ඊලගට වැදගත්ම දේ තමා කොහෙන්ද හොද Top ranking Keywords ටිකක් හොයාගන්නෙ කියන එක. ඒකට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ චැනල් එකට ගැලපෙන videos තියෙන channel එකක් හොයාගන්න එහෙම නැත්නම් ඔයාගේ videos වලට ගැලපෙන YouTube එකේ හොදට rank වෙච්ච හොදට views තියෙන video එකක් open කරගන්න.එතකොට ඒ video එකේ seo details ටිකත් අර විදියටම දකුණු පැත්තෙන් පෙන්නනව. ඔයාලට පහත රූපයෙන් මං තැබිළි පාටින් කොටු කරල පෙන්නල තියෙන්නේ ඒ video එකට අදාලව දාල තියෙන keywords ටික.ඔයාලට පුලුවන් copy to කියල තියෙන බොත්තම ඔබල ඒ keywords ටික copy කරල ඔයාගේ video එකේ tags ගොඩට paste කරගන්න. හරිම සරළයි.
ඒ වගේම ඔයාලට පුලුවන් ඒ keywords කොච්චර දුරට quality ද කොච්චර search result තියෙනවද කියල බලාගන්න.ඒකට කරන්න තියෙන්නෙ අදාල keyword එක උඩ ඩබල් ක්ලික් කරන එක විතරයි.
එතකොට පහල රූපයේ ආකාරයට keyword එකේ quality එක බලාගන්න පුලුවන්. එහෙම බලල හොද keywords විතරක් ඉතුරු කරල අනික් keywords අයින් කරල දාන්න.ඒ විදියට හොද ranking විඩියෝ කිහිපයක keywords copy කරල ඔයාගේ වීඩියෝවට ඇතුලත් කරගන්න පුලුවන්. ඒ වගේම ඔයාට හොදයි කියල හිතෙන keywords type කරල ඒවගේ Score එක හොදද කියල බලාගන්නත් පුලුවන්.
ඒ වගේම ඔයාගේ channel එකේ video එකක් publish කලාට පස්සේ ඒකෙ හොදටම වැඩ කරන keywords මොනාද කියලත් ඔයාට ටික දවසකින් බලාගන්න පුලුවන්.ඒක බල්ලනෙ ඔයාගේ video details වල tags ගොඩේ මම රතු පාටින් කොටු කරල තියෙන keywords වල ඔයාලට පේනව ඇති ඉලක්කමක් එක්ක කොල පාට රවුමක් පෙන්නනව, ඒව තමා ඔයාගේ විඩියෝ එකේ හොදටම search වෙලා තියෙන keywords ටික.
ඔන්න ඔය විදියට තමා මේ tool එකෙන් ඔයාලගේ විඩියෝ වල seo ranking වැඩිකරගන්න උදවුවක් ගන්නෙ. ඊට අමතරව මේකෙ තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. Thumbnail හදාගන්න. Cards add කරගන්න. End Screen එකතු කරගන්න වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒව මං එකෙන් එකට කියල දෙන්න යන්නෙ නෑ.ඔයාලට මේකෙ වැඩ කරනකොට නිකම්ම ඒවා ඉගෙන ගන්න පුලුවන්. මේක YouTube certified extension එකක් නිසා ඔයාලගේ Channel එකට කිසිම හානියක් වෙන්නෙ නෑ. ඒ වගේම මේක නොමිලේ ලබාදෙන නිසා ඕනෑම කෙනෙක්ට මේකෙන් වැඩක් ගන්න පුලුවන්. සම්පූර්ණ features ලබාගන්නනම් ඔයාලට මාසෙකට $3.20 ක් වගේ ගෙවීමක් කරන්න වෙනවා. ආදායමක් උපයන channels කරන අයටනම් එහෙම ගත්තත් පාඩුවක් වෙන්නෙ නෑ. කැමතිනම් විතරක් මිලදී ගන්න.Monetization enable කරල නැති අයනම් මිලදී ගන්න යන්න එපා.මොකද නොමිලේ ලැබෙන features වලින් අපට ලොකු දෙයක් කරගන්න පුලුවන්. ඉතින් මං හිතනව ඔයාලට මේ ලිපිය ප්රයෝජනවත් වෙයි කියල. ඔයාලට මේ සම්බන්ධව මොනව හරි ප්රශ්ණ තියෙනවනම මගේ Facebook Page එකට මැසේජ් එකක් දාන්න. වැදගත් ලින්ක් : Tubebuddy සඳහා මෙතනින් ලියාපදිංචි වන්න ඒ වගේම මම කලින් දාපු ලිපිත් කියවන්න. >> MICRO JOBS කරල ලක්ෂ 9 ක් හොයපු හැටි >>වැඩක් නොකර FIVERR සල්ලි හොයමු #02 කොටස >> වැඩක් නොකර FIVERR සල්ලි හොයමු. එහෙනම් තව අලුත් ලිපියකින් හමුවෙනකම් ඔයාලට ජය වේවා...! |
Archives
October 2020
|